අද වන විට ජංගම දුරකතන භාවිතා කිරිම , බෙහෙවින් වැඩි වෙල තියේනවා. මේ ජංගම දුරකතන වලිනුත් වැඩි හරියක් තියේන්නේ ස්මාට් ජංගම දුරකතන ඉතිං මේ සාමාන්‍ය ජංගම දුරකතනයක් තිබුනත් , ස්මාට් ජංගම දුරකතනයක් තිබුනත් , ඒක හදිස්සියේම වතුරකට වැටුනෝත් මොකද කරන්න....ඒ විධියට ඔබේ ජංගම දුරකතනය වතුරකට වැටුනෝත් , කරන්න ඕන හොදම දේවල් ටික තමයි , මේ පහලින් කියල තියේන්නේ....


මේ පහලින් කියල තියේන දේවල් , ඔබේ  ජංගම දුරකතනය  වතුරට වැටුන ගමන්ම වගේ , හරියටම කරෝත් ජංගම දුරකතනය බේර ගන්න පුලුවන් වෙවි.....


 
1 ) ජංගම දුරකතනය Off වෙලානම් On කරන්න එපා.
2 ) තාමත්  ජංගම දුරකතනය On නම් , හොලවන්නේ නැතිව Off කරන්න.
3 ) ජංගම දුරකතනය ගොඩක් හොලවන් නැතිව බැටරිය ගලවන්න.

 
4 ) තුවායක් අරන් හොදින් වතුර පිහිදාන්න. ගලවන්න පුළුවන් පොඩි කොටස් ගලවලා වතුර පිහිදාන්න.  එහම කියල ජංගම දුරකතනයේ ඇතුලේ තියේන Circuit එක වගේ බරපතල කොටස් ගලවල පිහි දාන්න එපා. )  [ Battery එක , Sim එක , Memory Card එක වගේ පොඩි කොටස් විතරක් ගලවලා වතුර පිහිදාන්න. ]






5 ) වතුර ඉවත් කරන්න කියලා , ජංගම දුරකතනය වේගෙන් හොලවන්න එපා. හුලන් පිබින්න එපා. එහම කරෝත් වතුර ජංගම දුරකතනය පුරාම යනවා. 
ඒ වගේම වතුර වෙලන්න කියලා Heater , Hairdryer අල්ලන්න එපා. 
ඒ කිව්ව වගේ දේවල් කරාම , වතුර වාෂ්ප වුනාට , ඊට කලින් Display එක, Speaker, Keypad උණුවෙලා ජංගම දුරකතනයට ගොඩාක් හානි සිදු වෙනවා. ( ඒ දේවල් වලින් Speaker , Keyboard වගේ ඒවට හානි සිදු වෙනව කිව්වාම තේරේනවනේ. මේවට හානි සිදු වුනාම , අයේත් ඒවා අලුතින් දාන්න වෙනවා. ඒ අර වතුරට වැටුන පසු නොකල යුතු වැඩක් කල නිසයි. ඒ නිසා වතුර වෙලන්න කියලා Heater , Hairdryer අල්ලන්න එපා. 

6 ) දැන්ම , ජංගම දුරකතනය On කරන්න එපා. 
වතුර පුළුවන් තරම් පිහිදලා ඉවර වෙලා , පොඩි භාජනයක් අර ගෙන , ඒකට ගෙදරින් හෝ වෙනත් තැනකින් හාල් ටිකක් අර ගෙන දාන්න.

7 ) දැන් , ඒ දාපු හාල් ටිකට උඩින් ඔබේ ජංගම දුරකතනය තියල , නැවතත් හාල් ටිකක් අරන් ඔබේ ජංගම දුරකතනය වැහේන විධියටම දාන්න.
මේ විධියටම ජංගම දුරකතනය , පැය කිපයක් හාල් වලින් වහලා තියන්න. ( පැය 4ත් - 5ත් අතර කාලයක් නම් ගොඩාක් හොදයි. ) 
[ මේ විධියට කරාම හාල් වලින් වතුර ගොඩක් උරා ගන්නවා. ]

මේ පහලින් තියේන පින්තුර වල ජංගම දුරකතනය , හාල් වලින් භාගේට වගේ වහල තියේන්නේ , පින්තුරය ටිකක් විතර , ඔබට පැහැදිලිව පෙනිය යුතු නිසයි.

ඒ නිසා , මේ පින්තුර වල වගේ ජංගම දුරකතනය , හාල් වලින් භාගේට නම් වහන්න එපා.
එම නිසා , ඔබේ ජංගම දුරකතනය , හාල් වලින් වැහේන විධියටම දාන්න.......





 8 )  පැය කිපයකින් පස්සේ ජංගම දුරකතනය On කරලා බලන්න. දැන් , ඔබේ සාමාන්‍ය ජංගම දුරකතනය හෝ ස්මාට් ජංගම දුරකතනය පෙර පරිදිම හොදට සුපිරියටම වැඩ කරයි.



Post a Comment

 
Top