මැලේසියන් පේපැල් ගිණුම්වල එහෙම සල්ලි තියෙන සමහර අයට කරන්න දෙයක් නෑනේ. 
සමහරවෙලාවට ඒ සල්ලි ගන්න වෙන්නෙ නෑ. මම පොඩි ක්‍රමයක් කියලා දෙන්නම්. ගොඩක් අයට වැදගත් වෙයි. මට නම් වැදගත් වුනා. ඒක නිසා මම ඔයාලටත් කියලා දෙන්නෙ මේක. 
ඔයාලගෙ පේපැල් වල තියෙන සල්ලි ඔයාගෙ ෆෝන් එකට රීලෝඩ් එකක් විදියට ගන්න පුලුවන් ලස්සනට ding*කියන වෙබ් අඩවියෙන්. දැනට ඩොලර් 11ක් රීලෝඩ් කරගත්තා මගේ Hutch සහ Dialog දුරකථන වලට. ලංකාවේ ඕනම නෙට්වර්ක් එක්ක සපෝට් කරනවා. ඒ වගේම ලංකාවෙ නෙට්වර්ක් වල වෙබ්සයිට් වලත් මේක ගැන තියෙනවා. ඒක නිසා ඒ ගැන නම් බයවෙන්න එපා...(හච් වෙබ් අඩවියේ Payments > International Payments යටතේත් තියෙනවා මේක ගැන)


                          වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙන්න මෙතනින් - ding*

 ඉන්පසු ගිණුමට ලොග් වෙලා Top-up යටතේ Send Top-up එකට යන්න. එතනදි ෆෝන් නම්බර් එක අහනවා. +94 මුලින්ම තියෙන නිසා ඉතුරු ටික ටයිප් කරන්න තියෙන්නෙ. ඔයාගෙ අංකය 0712345678 නම්, එතන ටයිප් කරන්න ඕන 712345678 කියලා මුල 0 හැර. ඊළඟ පියවරේදි රීලෝඩ් කරන ගාන තෝරගන්න ඒවි. ඊට පස්සෙ මුදල් ගෙවන ක්‍රමය වැටේවි. එතනදි පේපැල් වලින් ගෙවන්නත් ඔයාට පෙන්වලා තියේවි...


Next
This is the most recent post.
Previous
Older Post

Post a Comment

 
Top