වර්තමානයේ මාර්ග වල තියෙන තදබදය එන්න එන්න වැඩි වෙනවා. ඒ නිසා එක වලක්වන්න විවිධ ක්ෂේත්‍ර වල විවිධ අය විවිධ පර්යේෂණ කරනවා මේ එවැනි දෙයක් පිලිබදවයි.

මේ යානයේ නම වන්නේ AeroMobil 3.0 වේ. මේ නම හැදිලා තියෙන්නේ Aviation  හා automobile යන වචන දෙකේ සම්මිශ්‍රණයක් මගිනි. මේක හදලා තියෙන්නේ ඔස්ට්‍රියාවේ වන අතර මෙහි නිර්මාතෘ වන්නේ Stefan Klein වේ. ඔහු මස 10 කාලයක් මේ සදහා අරන් තියෙනවා. මේක කාර් එකක් බදු ගුවන් යානයකි. එමෙන්ම කාර් එකේ සිට ගුවන් යානයක් බවට හැරවෙන්න මේකට යන්නේ විනාඩි 2 පමණ සුළු කාලයකය.......












අහසේදී මේකේ උපරිම වේගය වන්නේ පැයට කිලෝමීටර 200 වන අතර පාරේදී මෙහි වේගය වන්නේ පැයට කිලෝමීටර 160 පමණ වේ. එමෙන්ම මීටර 250 පමණ නිදහස් මාර්ගයක් ඕනේ මේක ගුවන් ගත කරන්නට. එමෙන්මට ගොඩ බස්වන්නට මීටර 50 පමණය  සැහේ. මේක රදවා තබන්නත් පහසු වන අතර  මෙහි ඉන්ධන ලබා ගන්නේ සාමාන්‍ය තෙල් ගහන සේවා ස්ථානයකි. මේක වැඩ කරන්නේ ගැසලින් ඉන්ධනයෙන් වන අතර එක දිගට පැය 4 පමණ කාලයක් මේක පියාසැරිය හැකිවේ. මෙහි සම නිෂ්පාදකයකු වන Juraj Vaculik කියන්නේ මේක කෙටි දුර හා මාධ්‍ය දුර ගමන් සදහා හොද වාහනයක් කියලයි.
තවම වෙළෙද පොලට හදුන්වා නැත. එමෙන්ම මෙය සදහා සාමාන්‍ය කාර් එකක් සදහා බලපත්‍රයක් නොලැබී ඇත. හේතුව මේක දෙමුහුන් වර්ගයේ වහනයක් නිසයි. ලගදීම මේ සදහා බලපත්‍ර ලැබේ යන්න ඔවුන් බලාපොරොත්තු වේ. 








Post a Comment

 
Top