Game එකක් නිවැරදිව භාවිතා කරමු

පරිඝනක ක්‍රීඩා ක්‍රියාත්මක කිරීමේදී අපිට විවිධාකාරයේ අනන්ත අප්‍රමාන ගැටළු ඇති වෙලා තියෙනවා කියලා ඔයාල දන්නවනේ ඔයාල විතරක් නෙමේ මමත් ඒ ගැන හොදට දන්නවා මොකද මම ඉස්සර ගේම්ස් ඉන්ස්ටෝල් කරගන්නවත් දන්නේ නැහැ එරර්ස් ආවම මම කරේ ගේම් එක ඩිලීට් කරලා දාපු එක හැබැයි එහෙම නෙමෙයි දැන් අපිට ගේම් එකක් වැඩ කරන්නේ නැති උනාම කරන්න දේවල් ගොඩක් තියෙනවා කියලා මම දන්නවා ඉතින් ඒ දැනගත්ත දේවල් ටික ඔයාලට කියන්න ඕනේ නිසා තමයි මම මේ ලිපිය ලියන්නේ පරිඝනක ක්‍රීඩාවක් මිලදී ගැනීමේ සිට ක්‍රියාත්මක කිරීම දක්වා ඇති වල ගැටළු වලට නිසි පිළියම් ටික ලිපිය පහලට කියවගෙන යනකොට දකින්න පුළුවන් විශේෂයෙන්ම ලංකාව වගේ රටවල් වල මේ ගැටලුව බොහොම දරුණුයි මොකද අපිට සමාගම විසින්ම නිපදවන පරිඝනක ක්‍රීඩා මිලදී ගන්න වත්කමක් නැහැ ඒක නිසා අපි හැමෝම කරන්නේ එක්කෝ ගේම්ස් ඩවුන්ලෝඩ් කරගන්නවා නැත්නම් කඩේකින් ගන්න එක කඩෙන් ගත්තත් ඒ හැම ගේම් එකක්ම කොපි එකක් කරන්න දෙයක් නැහැ ලංකාව දියුණු වෙනකන් මේ තත්වය මේ විදිහටම පවතිනවා කියන එකනම් සතයක් මෙතනින් එහාට ලංකාවේ දියුණුව ගැන කතා කරන්න යන්නේ නැහැ මොකද අපිට දේශපාලනය ගැන කතා කරලා වැඩක් නැහැ හරි අපි බලමු                   මුලින්ම පරිඝනක ක්‍රීඩාවක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා 
1.පරිඝනක ක්‍රීඩා මිලදී ගැනීමේදී යම්කිසි කාලයක් නොකඩවා එම ව්‍යාපාරය පවත්වාගෙන යන වෙලදසලකින් මිලදී ගන්න මොකද නැත්නම් අපි මිලදී ගන්න පරිඝනක ක්‍රීඩා ක්‍රියාත්මක නොවන අවස්තාවක් මතු උනොත් අපිට කරගන්න දෙයක් නැතුව යනවා විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශයෙන් පරිඝනක ක්‍රීඩා මිලදී ගැනීමේදී අපේ භාෂවෙන් කියනවනම් පේමන්ට් එකෙන් ගන්න එපා ඒ කඩ අද තිබිලා හෙට අතුරුදහන් වන නිසා...
2.අනිත් කාරණය තමයි පරිඝනක ක්‍රීඩා මිලදී ගැනීමේදී අපි ලබාගන්න සංයුක්ත තැටියේ පසුපස කොටස නිරීක්ෂණය කරන්න සීරීම් හා විවිධ කඩතොළු ඇති සංයුක්ත තැටි නිසි පරිදි ක්රියාත්මක නොවන නිසා ඒ පිලිබදව සැලකිලිමත් වීම ඉතාම වටිනවා...
                                       භාවිතයට ගත නොහැකි සංයුක්ත තැටි කිහිපයක රූපරාමු 
                                 
                                              
මේ වගේ සංයුක්ත තැටි මිලදී ගැනීම නිසා අපේ මුදලුත් කාලයත් අපතේ යාම විතරයි වෙන ඒක නිසා කරන්න තියෙන හොදම වැඩේ තමයි මේ ගන්න ගේම්ස් දාල තියෙනේ CD , DVD චෙක් කරලා බලල ගන්න එක අපි ඊලගට අනිවාර්යෙන්ම මේ පරිඝනක ක්‍රීඩාවක් මිලදී ගැනීමට පෙර එයට අවශ්‍ය පහසුකම් බලල ඉන්න ඕනේ ඒ කියන්නේ ගේම් එකට කොච්චර ram එකක් කොච්චර VGA එකක් ස්පීඩ් එකක් අවශ්‍යද කියන එක අපි බලන්නම ඕනේ නැත්නම් අපි මේ පරිඝනක ක්‍රීඩාව පරිඝනකයට ඇතුලත් කරත් මේ පරිඝනක ක්‍රීඩාව ක්රියාත්ම වෙන්නේ නැතුව යනවා මේ නිසා අපිට නැවත ක්‍රියාත්මක වෙන්නේ නැතෙයි කියන සංකල්පය මත පරිඝනක ක්‍රීඩාව එම වෙලදසලට ලබාදී එය මාරු කරගැනීමක් හෝ අපේ මුදල් ආපසු ලබාගැනීමට හැකියාවක් නැති වෙනවා ගොඩක් වෙලාවට පරිඝනක ක්‍රීඩා සදහා අවශ්‍ය පහසුකම් මේ පරිඝනක ක්‍රීඩා ඇසුරුමේ පිටුපස සටහන් කරලා තියෙනවා නැතිනම් ඔබට අන්තරජාලය භාවිතයෙන් මේ පිලිබදව බලාගැනීමට හැකියාව මෙම පරිඝනක ක්‍රීඩා නිෂ්පාදකයෝ සලසලා දෙනවා.....
           
හරි දැන් අපි බලමු පරිඝනක ක්‍රීඩාවක් පරිඝනකයට ඇතුලත් කිරීමේදී එහෙමත් නැත්නම් ඉන්ස්ටෝල් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා...
1.පළමුවර පරිඝනක ක්‍රීඩාව පරිඝනකයට ඇතුලත් කිරීමේදී අනිවාර්යෙන්ම ඔබේ ප්‍රතිවයිරස මෘදුකානගය ක්‍රියාත්මක කරන්න මොකද දන්නවද මේ ගේම් එකක්වත් ඔරිජිනල් ගේම් නෙමෙයි මේ හැම කොපි එකක්ම කොපි කරන්නේ එක මැෂින් එකකින් මේ මැෂින් එකේ එක වයිරස් එකක් තිබුන ගමන් ඒ මැෂින් එකෙන් නිර්මාණය කරන හැම සංයුක්ත තැටියකටම මේ වයිරස් එක ඇතුලත් වෙනවා trojan වගේ වයිරස් ගැන ආයිත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ අනික මේ පරිඝනක ක්‍රීඩා කොපි කරන අය තමන්ගේ මැෂින් වලට කවදාවත් වයිරස් ගාර්ඩ් එකක් දාගන්නේ නැහැ මොකද වයිරස් ගාර්ඩ් වලින් මැෂින් එක ස්ලෝව් කරන නිසා ඒක  නිසා අපේ ආරක්ෂාවට අපි වයිරස් ගාර්ඩ් එකක් භාවිතා කරන එක අනිවාර්ය වෙනවා...
                               
2.පරිඝනක ක්‍රීඩාවක් ඉන්ස්ටෝල් අපි ඉන්ස්ටෝල් කරන ආකාර දෙකක් තියෙනවා අනිත් ක්‍රමේට අපි කියන්නේ එක්ස්ට්‍රක් කරනවා කියලා අපි පරිඝනක ක්‍රීඩාව ඉන්ස්ටෝල් කරනකොට setup ෆයිල් එක නිකන් රන් කරන එක වෙනුවට run as administrator කියන කමාන්ඩ් එක ලබාදෙනවා සුළු සුළු ආබාද මගහරවාගන්න අපිට පුළුවන් වෙනවා මොකද මැෂින් එකේ ඇඩ්මින් රන් කරන ප්‍රෝග්‍රෑම් වලට විශේෂ සැලකිල්ලක් දක්වනවා.....
                              
පරිඝනක ක්‍රීඩා ක්‍රියාත්මක කිරීම්දී අපිට විවිධ ගැටළු වලට මුහුණදෙන්න වෙනවා කියලා ඔයාල දන්නවනේ සමහර වෙලාවට ඉන්ස්ටෝල් කරගනිපු පරිඝනක ක්‍රීඩා ක්රියාත්ම වෙන්නේ නැහැ එක එක එරර්ස් එනවා දැන් අපි බලමු කොහොමද මේ එරර්ස් හදාගන්නේ කියලා...
1.සමහර වෙලාවට අපි ඉන්ස්ටෝල් කරපු පරිඝනක ක්‍රීඩාවල ඩෙක්ස්ටොප් එකේ එන අයිකන් එක ක්ලික් කරහම කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ ඉතින් ඒකට කරන්න තියෙන්නේ සුළු දෙයක් විතරයි ඒ තමයි කලින් වගේම  run as administrator කියන විධානය ලබාදෙන එක මෙහෙමත් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපිට කරන්න තියෙන්නේ මේ ගේම් එක ඉන්ස්ටෝල්වුනු ෆෝල්ඩර් එකේ තියෙන අයිකන් එකෙන් ගේම් එක රන් කරන එක ගේම් එකෙන් අනිවාර්යෙන්ම සුළු ප්‍රතිචාරයක් හරි දක්වනවා කියන එකනම් ෂුවර් 
2.මේ පරිඝනක ක්‍රීඩා ක්‍රියාත්මක කරනකොට අතු වන ගැටළුවක් තමයි dll එරර්ස් කියන්නේ මේ dll කියන්නේ අපිට අවශ්‍ය විදිහේ තුන් වෙනි සාමාජික කොටසක නිර්මාණ අපේ පරිඝනකයේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් මේ ෆයිල් තුල ගබඩා කරලා තියෙනවා මේවා පහසුවෙන් හදාගන්න පුළුවන් මෘදුකාංගයක් තියෙනවා මෙතනින් ඒ මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න....මේ මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගත්තහම ඔයාලට ලේසියෙන්ම මේ එරර්ස් හදාගන්න පුළුවන්...
3.පරිඝනක ක්‍රීඩා ක්‍රියාත්මක නොවන ප්‍රධාන්තන අනික් හේතුව තමයි මේ පරිඝනකයේ කොටස් වලට අඩාල මෘදුකාංග පරිඝනකයේ ස්ථාපනය කරලා නොතිබීම ඒ සදහා ගතහැකි පියවරක් විදිහට මම ඔයාලට තවත් මෘදුකාංගයක් දෙන්නම් මේ මේ මෘදුකාංගය රන් කරපු සැනින් ඔයාගේ පරිඝනකය අවශ්‍ය ඩ්‍රයිවර්ස් ලබාගන්න පුළුවන් වෙනවා මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න 
4.දැන් මම ඔයාලට දෙන්න යන්නේ පරිඝනක ක්‍රීඩා ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ප්‍රධානතම ගැටලුවකට විසදුමක් ඒ තමයි සමහර වෙලාවට අපිට ගේම් එකට අවශ්‍ය පහසුකම් තිබුනත් ගේම් එක වැඩ කරත් හිර වෙනවා එහෙමත් නැත්නම් වෙලාවකට ගේම් එක කැඩී කැඩී වැඩ කරනවා මේ මොකක් නිසාද දන්නවද අපි නොදැනුවත්වම අපේ පරිඝනකයේ ක්‍රියාත්මක වන විවිධ වැඩසටහන් නිසා පරිඝනකයේ වේගය අඩාල වෙනවා මේකත් නවත්වගන්න පුළුවන් මෘදුකාංගයක් තියෙනවා ඒක මෙතින් ඩවුන්ලෝඩ් කරගන්න 
හරි සාමන්‍ය තත්ත්ව යටතේ අපේ පරිඝනක ක්‍රීඩා සදහා ඇතිවන ගැටළු සියල්ලටම නිසි පිළිතුරක් ලැබුනා කියලා හිතනවා මීට අමතව වෙන ගැටළුවක් තියෙනවනම් කමෙන්ට් කරලා තියන්න ඒ ගැටලුවට නිසි පිළිතුරු ලබාදෙන්නම් 
විශේෂ කරුණු කිහිපයක් 
* පරිඝනක ක්‍රීඩා මිලදීගැනීමේදී එහි අවම පහසුකම් බලන්න 
* හැකි සෑමවිටම පරිඝනක ක්‍රීඩා එකතු මිලදීගැනීමට උත්සාහ කරන්න ( මුදල් ඉතිරි වේ )
* පරිඝනක ක්‍රීඩාවේ ඉදිරිපස ඇති රූපය නොවේ පිටුපස ඇති රූප ගැන සැලකිලිමත් වෙන්න එය ඔබට             ග්‍රැෆික්ස් ගැන යමක් පවසාවි 
* CD වලට වඩා DVD වල ඇති පරිඝනක ක්‍රීඩා මිලදීගැනීමට උත්සාහ කරන්න

Post a Comment

 
Top