ඇන්ඩ්‍රොයිඩ් යනු ඇන්ඩ්‍රොයිඩ් නම් සමාගම විසින් ජංගම උපකරණ සඳහා නිපදවන ලද මෙහෙයුම් පද්ධතියකි. 2005 දී ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම මිලදී ගන්නා ලදී. ලිනක්ස් කර්නලයෙහි සංස්කරණය කරන ලද අනුවාදයක් වන ඇන්ඩ්‍රොයිඩ්, විවෘත හා නිදහස් මෙහෙයුම් පද්ධතියක් ලෙස බෙදා හරිනු ලබයි. ඇන්ඩ්‍රොයිඩ් සතුව දුරකථනවල ක්‍රියාකාරිත්වය වැඩි කරන යෙදවුම් මෘදුකාංග ("apps") ක්‍රමලේඛනය කරන මෘදුකාංග සංවර්ධකයන්ගෙන් සැදුම් ලත් අති විශාල සමූහයක් සිටී. දැනටමත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන යෙදවුම් මෘදුකාංග 250,000 කටත් අධික ප්‍රමාණයක් ලබාගත හැක.











… ගූගල් මගින් අත්පත්කරගැනීම = 2005 අගෝස්තු මාසයේ දී ගූගල් සමාගම මගින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම අත්පත්කරගන්නා ලදී.

සංස්කරණ ඉතිහාසය
ප්‍රථම නිකුතුවෙන් පසු නව සංස්කරණයන් කීපයක් ඇන්ඩ්‍රොයිඩ් සදහා නිකුත් කරන ලදී. සමාන්‍යයෙන් නව සංස්කරණ සදහා සංකේත නාම ලෙස යොදා ගනු ලබන්නේ අතුරුපස නාමයන් වෙයි. එසේම එම නම් ඉංග්‍රීසි භාෂාවේ අකාරාදී පිලිවෙළට සකස්කර ඇත.

1.5 (කප් කේක්) - ජංගම දුරකථන සදහා
1.6 (ඩෝනට්) - ජංගම දුරකථන සදහා
2.0 (ඉක්ලෙයා) - ජංගම දුරකථන සදහා
2.1 (ඉක්ලෙයා)- ජංගම දුරකථන සදහා
2.2 (ෆ්‍රොයෝ )- ජංගම දුරකථන සදහා
2.3 (ජීන්ජර්බ්‍රේඩ්)- ජංගම දුරකථන සදහා
3.0 (හනිකොම්බ්)- ටැබ්ලට් පරිගණක සදහා
3.1 (හනිකොම්බ්)'- ටැබ්ලට් පරිගණක සදහා
3.2 (හනිකොම්බ්)'- ටැබ්ලට් පරිගණක සදහා
4.0 (අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
4.1/4.2/4.3 (ජෙලි බීන්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
4.4 (කිට්කැට්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා







 මෝටරෝලා සමාගම මගින් 2011-ඔක්තොම්බර් මස එළිදක්වන ලද ඩ්‍රොයිඩ් RAZR ඇන්ඩ්‍රොයිඩ්, අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච් අනුවාදය මුලින්ම යොදාගනු ලබන ජංගම දුරකථනයයි.
සැම්සුන් සමාගම මගින් එළිදක්වන ලද සැම්සුන් ගැලැක්සි නෙක්සස් ඇන්ඩ්‍රොයිඩ්, ජෙලි බීන් අනුවාදය මුලින්ම යොදාගනු ලබන ජංගම දුරකථනයයි......






Post a Comment

 
Top